සිනමා කෘතියක වටිනාකම නිර්ණය ආඛ්‍යානය ඔස්සේ සිදු කළ හැකිය. සිනමා කෘතිය සඳහා පාදක කර ගත් ආකෘතිය කතා වස්තු විෂයේ අන්තර්ගතය, ස්වරූපය සහ මුහුණුවර සිනමාත්මකව ගොඩනැංවීම සඳහා පදනම් වන්නා වූ මූලික ආකෘතිය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ගතය හා ආකෘතිය අතර මූලික සම්බන්ධතාවයක් ගොඩනැංවීමට ද, අන්තර්ගතය හා වස්තු විෂය සිනමාත්මකව ඉදිරිපත් කිරීමට ද පසුබිමක් සකස් කරයි. ආඛ්‍යානය අනෙකුත් මූලික ආකෘතිමය මූලෝපායන් අභිබවා යයි. ආඛ්‍යානයක මූලික කොටස් ත්‍රිත්වයකි.
1. Narrative
කතාවක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. කතාවක් නිර්මාණය වන්නේ සිද්ධි ගණනාවක එකතුවෙනි. කතාව නිර්මාණය කිරීමේදී සිනමාව තුළින් ප්‍රතිනිර්මාණය කළ හැකි දේ පමණක් අඩංගු වන ලෙස නිර්මාණය කළ යුතුය. සිනමාත්මක බවින් අනූන මූලිකාංග භාවිතා කළ යුතුය.
2. Narration
නිර්මාණය කළ කතාව ප්‍රේක්‍ෂකයාට ප්‍රකාශනය කරනු ලබන ආකාරය නැතහොත් කතාව කියනු ලබන ආකාරය මෙහිදී සැලකේ. කැමරා චලන, උත්තම පුරුෂ හෝ ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය ආදී සිද්ධාන්තයන් උපයෝගී කර ගනිමින් කතාව ප්‍රකාශ කරයි.
3. Narrator
ප්‍රේක්‍ෂකයා වෙතට කතාව ප්‍රකාශ කරන්නා කවුද යන්න අවධානය යොමු කරයි. සිනමාවේදී භ්රර්එදර පෙනි සිටිනුයේ චරිත, කැමරා ඇස හා අවකාශය යනාදියයි.
ආඛ්‍යානය මෙපරිද්දෙන් වර්ගීකරණය කළ හැකිය. ආඛ්‍යානයක් නිර්මාණය කිරීමට හේතු වන ප්‍රධාන කොටස් ත්‍රිත්වයකි. එනම්,
I.
Actions
II. Events
III. Characters
කතාවක් ඉදිරියට ගලා යාම සඳහා අවස්ථා, සිදුවීම්, චරිත එකිනෙකට මිශ්‍ර වී තනි ක්‍රියාදාමයක් ලෙස විකාශනය වේ. මෙනිසා අවස්ථා හා සිද්ධිවල ප්‍රබල බව හෝ දුර්වල බව මත චරිතයේ හා චරිත විකාශනයේ ප්‍රබලත්වය හා විකාශනය තීරණය වේ.
ආඛ්‍යානය පිළිබඳ විද්වතුන් දැක්වූ නිර්වචන කිහිපයක් පහතින් දැක්වේ.
“දැනුම සංවිධානය කරන්නකි. දැනුම ලබා ගන්නත් ලබා දෙන්නත් වඩාත්ම යෝග්‍ය ක්‍රමය ආඛ්‍යානය වේ.” -Tony Morison-
“කාලමය හා අවකාශමය දේවල් හේතුඵල සම්බන්ධතාවය මත මුල, මැද, අග ලෙස ආඛ්‍යානය ගොඩනැගී ඇත.” -Edward -
ආඛ්‍යානයක් ඉදිරියට ගලා යන ආකාරය ද කොටස් තුනකට වර්ග කළ හැකිය.
Begining |
Middle |
End |
(equilibrium) කතාව සාමාන්‍ය තත්ත්වයේ පවතින සාමදාන කොටස |
(disequilibrium) ගැටුම්, අසමානතා ඇති වන කොටස |
(turn equilibrium) මුලින් තිබු සාමාන්‍ය තත්ත්වයට දියුණුවක් සහිතව යථා තත්ත්වයට පත්වීම |
ආඛ්‍යානයේ මූලික ලක්‍ෂණයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ආඛ්‍යානයේ අනිවාර්යයෙන් තිබිය යුතු ලක්‍ෂණ ලෙස,
1. කුතුහලය
කිසියම් දෙයක් පිළිබඳව දැන ගැනීම සඳහා අප තුළ ඇති උනන්දුව කුතුහලය ලෙස හැඳින්විය හැකිය.
2. සංසය
යම්කිසි නපුරක් හෝ අයහපතක් සිදුවේ යැයි සිතුන අවස්ථාවන්හිදී ඇති වන බිය, සැකය, ත්‍රාසය, අනතුරුදායක බව මින් අදහස් වේ. අනතුරට මුහුණ දෙන චරිතය මෙම තත්ත්වය නොදනී. නමුත් ප්‍රේක්‍ෂකයා එය පිළිබඳව කලින් දැනුවත් ව ඇති නිසාවෙන් ඉහත කී මනෝභාවයන් ඇති වේ.
3. විස්මය
කිසිසේත්ම අපේක්‍ෂා නොකළ වේලාවක යමක් සිදු විමෙන් ඇති හැඟීම විස්මය ලෙස හැඳින්විය හැකිය.
සිනමා කෘතියක ආඛ්‍යානයක් තුළ දැකිය හැකි මූලික ලක්‍ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ලක්‍ෂණ කිහිපයක් වෙත විග්‍රහ කළ හැකිය.
v Timev Prologue
v Exposition
v Dangling cause
v Obstacles
v Died lines
v Dialogue
v MacGuffin
v Motif
Prologue
ආඛ්‍යානයක වැඳගත් වන මූලික කරුණක් ලෙස prologue හැඳින්විය හැකිය. විස්තර කථනයක් ලෙස ද අර්ථ දැක්විය හැකිය. චිත්‍රපටයක් ආරම්භයේදී බහුලව යොදා ගනු ලබන උපක්‍රමයකි. චිත්‍රපටයක් ඉදිරියට ගලා ගෙන යාම සඳහා මෙම prologue මහෝපකාරී වේ. සිනමා කෘතියේ අන්තර්ගත කතාව, චරිත, සිද්ධි පිළිබඳ කෙටි විස්තරයක් චිත්‍රපටය ආරම්භයේදී සිදු කිරීම prologue වේ. චිත්‍රපටයක් නැරඹීමේදී මෙම කොටස මඟහැරුනහොත් බොහෝවිට සමස්ත කතාව අවබෝධ කොට ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇත. චිත්‍රපටය සඳහා යම්කිසි ආකාරයක පසුබිමක් නිර්මාණය කරයි. සාමාන්‍යයෙන් චිත්‍රපටයේ plot point එක දක්වා කාල සීමාව prologue ලෙස හැඳින්විය හැකිය. එසේ නොවන අවස්ථා ද තිබිය හැකිය. මීට කදිම උදාහරණ ලෙස Star wars films, Disney films වැනි චිත්‍රපට දැක්විය හැකිය. චිත්‍රපට ආරම්භයේ සමස්ත කතා පුවත පිළිබඳ, චරිත හා සිද්ධි පිළිබඳ සවිස්තරාත්මකව කෙටි හැඳින්වීමක් සිදු කරයි. එනිසා ආඛ්‍යානයක තිබිය යුතු ලක්‍ෂණයක් ලෙස prologue හැඳින්විය හැකිය.
උදාහරණයක් Star wars: Attack of The Clones යන චිත්‍රපටයේ මේආකාරයට prologue භාවිත කර තිබේ.
“There is unrest in the galactic Senate. Several thousand solar systems have declared their intentions to leave the Republic. This separatist movement, under the leadership of the mysterious Count Dooku, has made it difficult for the limited number of Jedi Knights to maintain peace and order in the galaxy…. ”
Exposition
චිත්‍රපටයක කුතුහලය, සැකය, විශ්මය ඇති කරලීම පිණිස එහි චරිතවලට විවිධ වූ බාධකවලට මුහුණ දීමට සිදු වන අයුරින් ආඛ්‍යානයක් නිර්මාණය කරයි. එසේ නිර්මාණය කරනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමක් ද මෙහිදී සිදු කරයි. ආඛ්‍යානයේ චරිත, සිදුවීම් පිළිබඳ යම්කිසි ආකාරයේ අනාවරණයක් කරයි. එමෙන්ම චිත්‍රපටය ආරම්භ වීමට ද මෙය ඉවහල් වේ. සමස්ත ආඛ්‍යානයේ මුල, මැද, අග යනාදී ඕනෑම ස්ථානයකදී Exposition
භාවිත කරයි. Who, What, When, Where, Why යන සිද්ධාන්තය අනුගමනය කරමින් ප්‍රශ්න සඳහා පිළිතුරු සපයයි. උදාහරණ ලෙස ටයිටැනික්, පර්ෆියුම් වැනි චිත්‍රපට ගත හැකිය. චිත්‍රපටයක් ඉදිරියට ගලා යාමට මෙය රුකුලක් වේ. මෙනිසා Exposition ආඛ්‍යානයක තිබිය යුතුම ලක්‍ෂණයකි.
Dangling Cause
චිත්‍රපටයක ආරම්භක සිදුවීම් තුළින් චිත්‍රපටය පිළිබඳ නිශ්චිත අදහසක් අවබෝධයක් ලබා ගත නොහැකි වන අවස්ථා හමු වේ. එසේ ඇරඹෙන චිත්‍රපටය අවබෝධ කොට ගත හැක්කේ යම්කිසි දුරකට චිත්‍රපටයේ ඉදිරියට යාමෙනි. එසේ භාවිතා කරන ප්‍රයෝගය Dangling Cause නමින් හැඳින්වේ. ප්‍රේක්‍ෂකයා ආරවුලක් වෙත ඇද දමයි. නමුත් ඒ අවස්ථාවේම ඊට අදාළ පිළිතුරු ලබා දීමක් නොකර ප්‍රේක්‍ෂකයාට ස්වාධීන ව එම ප්‍රශ්නය පිළිබඳ සිතන්නට පොළඹවයි. පසුව චිත්‍රපටයේ මැද භාගයේදී හෝ අවසන් භාගයේදී ප්‍රශ්නයට පිළිතුරු සපයයි. එතෙක් ප්‍රේක්‍ෂකයා තුළ කුතුහලය, සැකය, විශ්මය අවමයේ සිට උපරිමය දක්වා වර්ධනය වේ. ඇතැම්විට චිත්‍රපටය විසින්ම ඇති කරනු ලබන ආරවුල චිත්‍රපටය මඟින් ම සමථයකට පත් වන අවස්ථාව වන විට ප්‍රේක්‍ෂකයා තම බුද්ධිය අනුව ප්‍රශ්නයට උචිත කල්පිත ගොඩනගමින් ඒවා සංසන්දනය කරමින් යම් යම් නිගමනවලට ද එළඹී සිටීමටද පුළුවන. මෙම ලක්‍ෂණය අඩංගු චිත්‍රපටයක් ලෙස අශෝක හඳගම විසින් නිර්මාණය කළ ඇගේ ඇස අග චිත්‍රපටය දැක්විය හැකිය. චිත්‍රපටයේ ආරම්භක සිද්ධියෙන් ම ප්‍රේක්‍ෂකයා වෙත ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. එය චිත්‍රපටය පුරාවට ම ව්‍යාප්ත වී පවතින අතර නිශ්චිත පිළිතුර හිමි වනුයේ චිත්‍රපටයේ අවසානයත් සමඟයි. එතෙක් ප්‍රේක්‍ෂක මනසේ ප්‍රශ්නයක් රඳවා තැබීමට මෙම ආඛ්‍යාන ප්‍රයෝගය භාවිතා කර තිබේ. ලාංකීය සිනමාව තුළ මෙම ආඛ්‍යාන ලක්‍ෂණ අඩංගු සාර්ථක චිත්‍රපටයක් ඇගේ ඇස අග චිත්‍රපටය හැඳින්විය හැකිය. බූඩි කීර්තිසේන අධ්‍යක්‍ෂණය කළ නිම්නයක හුදෙකලාව චිත්‍රපටය සඳහා මෙකී ආඛ්‍යාන ක්‍රමවේදය යොදා ගෙන ඇත. අක්‍ෂරය, Red Violin, Beauty and the Beast, La La Land, Perfume වැනි චිත්‍රපට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙම ආඛ්‍යාන ලක්‍ෂණය ඉතා වැඳගත් වේ.
Obstacles
චිත්‍රපටයක ආඛ්‍යානය සඳහා වඩාත් වැඳගත් වන සාධකයක් ලෙස අනතුරු සහ උවදුරු සැලකිය හැකිය. ආඛ්‍යානය ඉදිරියට ගලා ගෙන යාම සඳහා අනතුරු සහ උවදුරු රුකුලක් වේ. යම්කිසි චිත්‍රපටයක නළුවාට හෝ නිළියට මුහුණ දීමට සිදු වන උවදුර චිත්‍රපට අවසානයේදී අනිවාර්යයෙන් විසඳෙයි යන මතයට අනුගත නොවීම මෙම ආඛ්‍යානයේ ස්වරූපයයි. එහිදී ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තු වන දේ සිතන දෑ නොලැබෙයි. දුඛාන්තයක් පමණක් උරුම කරයි. සෑමවිටකම සුඛාන්තයක් බලාපොරොත්තු වන ප්‍රේක්‍ෂකයා වෙහෙසට පත් කොට දුඛාන්තයක් ලබා දීම මෙම ප්‍රයෝගයේ කාර්යයි. වස්තුවක්, උවමනාවක්, ගැටුමක්, ද්‍රව්‍යක්, පුද්ගලයෙක්, සතෙක්, උවදුරක්, අනතුරක් ආදී ලෙස විවිධ වූ අයුරින් මෙම උවදුරු චිත්‍රපට ආඛ්‍යානය වෙත රැගෙන ආ හැකිය. උදාහරණ වශයෙන් Aashiqui 2 චිත්‍රපටය ගත හැකිය. ප්‍රේක්‍ෂකයා කිසිම අයුරකින් නොසිතූ ලෙස ප්‍රධාන නළුවාගේ මිය යාම අපේක්‍ෂා නොකරයි. අවසන් මොහොතේ ඔහුගේ පැමිණීම අපේක්‍ෂා කරයි. සුඛාන්තයකින් නිම වේ යන නි්‍යාය බිඳ දමමින් දුඛාන්තයක් වෙත රැගෙන ඒම නිසා ප්‍රේක්‍ෂකයා ඉච්ඡා භංගත්වයට පත් වේ. ලාංකීය සිනමා කෘතියක් වන අක්‍ෂරය චිත්‍රපටයේද මෙම ආඛ්‍යාන ක්‍රමවේදය භාවිතා කර ඇත. චිත්‍රපට අවසානයේදී පිරිමි දරුවා බියට පත් ව තම මව ඝාතනය කිරීම පෙළඹේ. නමුත් ප්‍රේක්‍ෂකයා එසේ නොවේ යැයි මතයේ සිට නරඹයි. පර්ෆියුම්, ටයිටැනික් චිත්‍රපට ද නිදසුන් ලෙස ගත හැකිය. මේ ආකාරයට සිනමා ආඛ්‍යානය සාර්ථකව ගොඩනැංවීම පිණිස විවිධ වූ ප්‍රයෝගය භාවිතා කරයි.
Died Line
ආඛ්‍යානයක් වෙත ප්‍රේක්‍ෂකයා රඳවා ගනු ලබන කුතුහලය, සැකය, විශ්මය යන මූලික සංකල්පයන් නොමැති ව ආඛ්‍යානය සාර්ථක නොවේ. එනිසා මෙම මූලික සංකල්පයන් උද්දීපනය කිරීම පිණිස Died Line භාවිතා කරයි. යම්කිසි කතා පුවතක් ආරම්භ වී එය අවසන් වේ යැයි සිතන කාල සීමාව හෝ චිත්‍රපටය තුළ චරිතකට ජීවත් වීමට ලබා දී ඇති කාල සීමාව Died Line ලෙස හඳුන්වයි. උදාහරණයක් වශයෙන් Malena චිත්‍රපටය ගත හැකිය. ප්‍රධාන චරිතය වන කාන්තාවගේ ස්වාමියා යුධ කටයුතු සඳහා නිවසින් පිටව යන අතර ඒ කාලය අතරතුර ඇයගේ පියාද ඇයව හැර යයි. එතැන් පටන් නැවත ස්වාමියා පැමිණෙන කාල සීමාව දක්වා ඇයට අත්විඳීමට සිදු වන වි්‍යවසනයන් මූලික කොට ගනී. යම් කාල සීමාවකට අනුව ආඛ්‍යානය නිර්මාණය කිරීම මෙහිදී පදනම කොට ගනී. පර්ෆියුම් සහ ටයිටැනික් යන චිත්‍රපට ද විකාශනය වන්නේ ද Died Line නැතහොත් යම් නිශ්චිත කාල සීමාවක් පදනම් කොට ගනිමිනි. මෙලෙස සිනමා ආඛ්‍යානයක වැඳගත් ලක්‍ෂණයක් ලෙස Died Line හැඳින්විය හැකිය.
Dialogue
සිනමා ආඛ්‍යායනයක මූලිකාංග වන රූප හා ශබ්දය යන අංගත්‍රයෙන් රූපයට සමාන ම අයිතියක් ශබ්දය සඳහා අයත් වේ. චිත්‍රපටයෙන් අදහස් කරනු ලබන ප්‍රකාශනය ප්‍රේක්‍ෂකයා අතරට රැගෙන යනු ලබන එක් ක්‍රමවේදයක් ලෙස ශබ්ද සැලකිය හැකිය. ශබ්ද යටතේ ප්‍රමුඛස්ථානයක් හිමි කර ගනුයේ දෙබස් සඳහාය. චරිත විසින් ඉදිරිපත් කරන වාග් ප්‍රකාශයන් මීට අයත් වේ. ශාක්‍ෂරතාවය අවම පුද්ගලයෙකුට වුවද පහසුවෙන් අවබෝධ කොට ගත හැකි වීම ද දෙබස්හි විශේෂත්වයකි. රූපයෙන් පමණක් ප්‍රකාශ කළ නොහැකි අදහස් වාචික ව ඉදිරිපත් කිරීම මඟින් වඩාත් පුළුල් අයුරින් අදහස් තීව්‍ර කොට දැක්විය හැකිය. ගැඹුරු අර්ථකථනයන් ඉස්මතු කරමින් චිත්‍රපටය ඡේදනයකින් තොරව ගලා යාමට දෙබස් රුකුලක් වේ. යම් දර්ශනයකදී ප්‍රකාශ කරන ලද දෙබස් කණ්ඩයට අදාළ රූප රාමු ඊළඟ දර්ශනයේදී නිරූපණය කරයි. මෙසේ භාවිතා කරන දෙබස් හැඟීම් උද්දීපනය වන ලෙස අවස්ථාවෝචිත ව සිනමාරූපී අයුරින් දක්වනු ලබයි. සංඥා සංකේත ආදිය මිශ්‍ර කරමින් අදහස් ඉදිරිපත් කරන ක්‍රමවේදයක් ලෙස දෙබස් භාවිතා කළ හැකිය. උදාහරණ වශයෙන් අක්‍ෂරය චිත්‍රපටයේ දෙබස් කණ්ඩයක් පහත දැක්වේ.
“අනේ, අනේ මාව මරන්න එපා”
“No, I won’t. I’m not a killer”
“I just need to talk to you”
“ඒ වුනාට මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ”
“ඒ වුනාට මට තියෙනවා”
“I just need somebody to listen”
“Do you see any historical objects in the museum”
“ඔය, ඔයා ප්‍රශ්න අහනවානෙ”
මේ ආකාරයට චිත්‍රපටය ආඛ්‍යානයක ඇති ප්‍රධාන ලක්‍ෂණයක් ලෙස දෙබස් හැඳින්විය හැකිය.
MacGuffin
චිත්‍රපටයක් ඉදිරියට ගලා යාම සඳහා වස්තුවක්, පුද්ගලයෙක් හෝ ස්ථානයක් ආදී නිර්ණායක් මූලික වෙමින් සමස්ත ආඛ්‍යානය ගලා යාමට ඉවහල් වීම මෙහිදී සිදු වෙයි. කතාව ගලා යනු ලබන්නේ එම ප්‍රධාන වස්තුව වටා ගෙතුණු කතා පුවත් අනුසාරයෙනි. එම වස්තුව චිත්‍රපටයේ නොමැති නම් චිත්‍රපටයට පැවැත්මක් නොමැත. චිත්‍රපටයක අනිවාර්යයෙන් අන්තර්ගත විය යුතු ලක්‍ෂණයක් ලෙස දැක්විය හැකිය. එම වස්තුව චිත්‍රපටයේ චරිත හා අභිලාෂයන් හට බලපෑමක් ඇති කරයි. අජීවී හෝ සජීවී වස්තුවක් ආශ්‍රිත කොට ගනිමින් සමස්ත ආඛ්‍යානය ව්‍යාප්ත වෙයි. උදාහරණයක් ලෙස lunch box චිත්‍රපටය හැඳින්විය හැකිය. කෑම පෙට්ටිය ප්‍රධාන වස්තුව බවට පත් වන අතර එය වටා අවශේෂ කතා පුවත් ගොඩගනමින් සමස්ත කතාව විකාශනය වේ. Red Violin චිත්‍රපටයේ ද සමස්ත කතා පුවතට පාදක කර ගනු ලබනුයේ මෙම ආඛ්‍යාන ලක්‍ෂණ පිලිබිඹු වන අයුරින් රතු පැහැති වයලීනයකි. එහි ආරම්භක අතීතයේ සිට වර්තමානය දක්වා කතා පුවත දිග හැරේ.
මේ ආකාරයට MacGuffin සිනමා ආඛ්‍යානයක වැඳගත් ලක්‍ෂණයක් ලෙස දැක්විය හැකිය.
Motif
චිත්‍රපටයට අලංකාරයක් ලබා දීම පිණිස භාවිතා කරන සැරසිල්ලකි. ප්‍රකාශිත අදහස් තීව්‍ර කොට ප්‍රදර්ශනය කිරීම මෙමඟින් සිදු කරයි. මෙම සැරසිල්ල ආඛ්‍යානයට අත්‍යාවශ්‍ය අංගයක් නොවන අතර මෙය භාවිතා නොකළ ද ඉන් හානියක් සිදු නොවේ. මෙම සැරසිල්ල භාවිතා කළ ද කතාවට බලපෑමක් ඇති නොකරයි. චිත්‍රපටයේ සාර්ථකත්වය සඳහා ඉවහල් වේ. අර්ථ නිෂ්පාදනය කරනු ලබන ක්‍රමවේදයකි. වස්තුන්, වර්ණයන්, ස්ථානයන් ආදී මූලිකාංග මඟින් අර්ථ නිෂ්පත්තිය කරන අතර අලංකාරත්වයක් සිනමා නිර්මාණය වෙත ගෙ එයි. උදාහරණ ලෙස Three Colors චිත්‍රපටය හැඳින්විය හැකිය. නිල් පැහැය, සුදු පැහැය සහ රතු පැහැය සැරසිල්ලක් වශයෙන් භාවිතා කරයි.
Parallelism
එක් ආඛ්‍යානයකට පමණක් සීමා නොවෙමින් විවිධ ආඛ්‍යාන යොදා ගනිමින් කතා පුවත ඉදිරියට ගෙන යාම මීට අදාළ වේ. තවදුරටත් කිවහොත් වෙනස් ආතාරයේ ආඛ්‍යාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් සම්මිශ්‍රණය කිරීමයි. එම වෙනස් ආඛ්‍යාන සමාන්තරව ගෙන යයි. බොහොවිට සමාන්තර ආඛ්‍යාන භාවිතා කොට ඇති බව අවබෝධ කර ගත හැක්කේ චිත්‍රපටය අවසානයේදීය. මෙම ආඛ්‍යාන ලක්‍ෂණයට අනුව ප්‍රේක්‍ෂකයාට තොරතුරු ලබදෙනු ලබන ක්‍රමවේදයන් දෙයාකාරයකි.
1) Restricted Narration
2) Omniscient Narration
Restricted Narration හි දී තොරතුරු ප්‍රකාශ කරනු ලබනුයේ යම් පාලනයකිනි. සාපේක්‍ෂව බහුල ව අවශ්‍ය නොවන තොරතුරු ලබා නොදෙන අතර අත්‍යාවශ්‍ය ප්‍රධාන දත්ත ප්‍රේක්‍ෂකයා වෙතට මුදා හරියි. මෙම ක්‍රමවේදයේදී ප්‍රේක්‍ෂකයා හට ප්‍රධාන චරිතය ආශ්‍රිත තොරතුරු පමණක් ග්‍රහණය කර ගත හැකි වේ. Omniscient Narration යනු ප්‍රධාන චරිතය නොදකින එම චරිතයට අවශේෂ ක්‍රියාවන් පිළිබඳ තොරතුරු මෙහිදී ප්‍රකාශ කරයි. මෙම ක්‍රමවේද දෙයාකාරයම එක් සිනමා කෘතියක දැක ගත හැකි වේ. උදාහරණයක් ලෙස නිම්නයක හුදෙකලාව හා ඉර මැදියම චිත්‍රපට දැක්විය හැකිය.
Time
හේතුඵල සම්බන්ධතාවය කාලය මත රඳා පවතී. එනිසා ආඛ්‍යානයේ මූලික ලක්‍ෂණයක් ලෙස කාලය හැඳින්විය හැකිය. කාලය සම්බන්ධ ප්‍රධාන සංකල්ප ත්‍රිත්වයකි.
1. කාලානුක්‍රමිකය
මෙහිදී කතාව කාලානුරූපී ව ගලා යයි. කාලානුක්‍රමික නොවුනහොත් කතාවට යම් බලපෑමක් සිදු විය හැකිය. අවස්ථා සහ සිද්ධි පිළිවෙළට ගලා යන අතර චරිත විසින් එය හඳුන්වා දෙයි. උදාහරණයක් ලෙස වර්තමානයත් අතීතයත් ක්‍රමික ව ගලා යාම ගත හැකිය. උදාහරණයක් වශයෙන් ඝරසරප චිත්‍රපටය ගත හැකිය.
2. කාල පරාසය
හේතුඵල සම්බන්ධතාවය මඟින් කාලය පාලනය කළ නොහැකිය. උදාහරණයක් ලෙස යම් කතාවක සිද්ධීන් වසර කිහිපයක ඇතුළත සිදුව ඇති විට එම සමස්ත අවුරුදු ගණනාව පැය දෙකකට වැනි කාල සීමාවකට ලඝු කිරීම දැක්විය හැකිය. සිනමාවේදී සිදු වන්නේ මෙම ක්‍රියාවලියයි. 28, ඝරසරප, ගින්නෙන් උපන් සීතල, දැවෙන විහඟුන් ආදී චිත්‍රපට නිදසුන් ලෙස ගත හැකිය.
3. කාල සංඛ්‍යාතය
එකම සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් කතාව ඇතුළත අවස්ථා කිහිපයක දර්ශනය කිරීම මෙහිදී සිදු කරයි. උදාහරන ලෙස ඇගේ ඇස අග චිත්‍රපටය ගත හැකිය.
මීට අමතරව කාලය සම්බන්ධ තවත් සංකල්පයන් කිහිපයකි.
Story duration :ප්‍රේක්‍ෂකයා විසින් කතාව සිතින් විමර්ශනය කළ කාල සීමාව- සමස්ත කතාව
Plot duration :ප්‍රේක්‍ෂකයා දකින කතාවට අයත් කාල සීමාව- Plot එකට අදාළ කාලය
Screen duration :ප්‍රේක්‍ෂකයා චිත්‍රපටය නරඹන කාල සීමාව
ඉහත සංකල්පය අවබෝධ කරගැනීම සඳහා Red Violin චිත්‍රපටය ගත හැකිය. වයලීනය නිර්මාණය කරනු ලබන වර්ෂයේ සිට වර්තමානයේ වෙන්දේසි කිරීම දක්වා වූ කාල සීමාව story duration ලෙස ද සමස්ත සියලු සිදුවීම් දින කිහිපයකට ගොනු කිරීම plot duration ලෙස ද ප්‍රේක්‍ෂකයා චිත්‍රපටය නරඹන කාල සීමාව screen duration ලෙස ද දැක්විය හැකිය.
මේ ආකාරයට සිනමා ආඛ්‍ය්‍යානයක දැකිය හැකි මූලික ලක්‍ෂණ පිළිබඳව විග්‍රහ කළ හැකිය.